counter hit xanga
October 21, 2021

තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනේ නෑ! ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය මෙන්න

Last Updated on June 4, 2021 by Panduka Herath

බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (03) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා සදහන් කළේ තමන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට සූදානම් වන බවට වැරදි මතයක් සමාජගත කිරිමට කටයුතු කරන බවයි. ඒ හරහා ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය විනාශ කිරීමට ජාතියේ සතුරන් උත්සාහ කරන බව පෙනී යන බවද අමාත්‍යවරයා සදහන් කළා.

වත්මන් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 38,000 සිට 45,000 දක්වා වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවයක් ඇති නව පිරිපහදුවක් සපුගස්කන්දේම ඉදි කිරීමටත් අපි මේ දිනවල ශක්‍යතා අධ්‍යනයක් කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් බිලියන 600ක් පමණ වැය වෙන බවට ඇස්තමේන්තු කර තිබේන බවද සදහන් කළා.අදාල ව්‍යාපෘතිය තරගකාරි ලංසු කැඳවීමකින් කරන ලංකාවේ පළමු දැවැන්ත ව්‍යාපෘතිය ලෙසද ඉතිහාසයට එක්වනු ඇති.

“2003 දී ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති කළ 2018 දී තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න හදපු එජාප ආණ්ඩුවේ සිටිය පා. ච. රණවක වැනි ඇමැතිවරු සහ වෘත්තීය සමිති නායකයින් තමා ‘‘මෙන්න තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවෝ’’ කියා බෙරිහන් දෙන්නේ.”

මෙය ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා සදහන් කළේ

“හම්බන්තොට වරායට වියදම් වුණේ ඩොලර් මිලියන 1,350යි. නොරොච්චොලේ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900යි. හම්බන්තොට වරාය, නොරොච්චොලේ විදුලි බලාගාරය, මත්තල ගුවන්තොටුපොළ සහ කටුනායක අධිවේගී මාර්ගය යන දැවැන්තම ව්‍යාපෘති හතරටම වැය වුණේ ඩොලර් මිලියන 2,916 බවයි”

අදාළ ආයෝජනය Build–operate–transfer (BOT) හෙවත් ඉදිකර මෙහෙයුම් කර පවරන ව්‍යාපෘතියක් ලෙස සිදුකරන බවත් ඒ අනුව පිරිපහදුව ඉදි කරන ආයෝජකයා තමන්ගේ පිරිවැය ලාභයක් සහිතව අය කර ගැනීමෙන් පසුව එහි අයිතිය තෙල් සංස්ථාවට පැවරිය යුතුය. ඒ අනුව කිසිදු ණය ගැනිමේ කක්‍රියාවලියක් සිදු නොවේ.

ඒ අනුව අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා 1961 අංක 28 දරන ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරිමට අවශ්‍ය වන අතර ඊට හේතුව වන්නේ ලංකාවේ තෙල් පිරිපහදුවක් පවත්වා ගෙන යෑමේ ඒකාධිකාරිය තෙල් සංස්ථාවට හිමි විමයි.එ හේතුවෙන් වෙනත් ආයෝජකයෙකුට තෙල් පිරිපහදු කිරීමේ අයිතිය ලබා දීමට හැකියාවක් නෑ.

නව ව්‍යාපෘතිය හරහා රට තුළ තෙල් පිරිපහදු කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කිරිමට හැකි වනු ඇති අතර ජාතික ඛනිජ තෙල් අවශ්‍යතාව රට තුළම පිරිපහදු කිරීමෙන් බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවෙනු ඇති.

1969 ආරම්භ කළ සපුගස්කන්ද පිරිපහදුව ලංකාවේ ඇති එකම පිරිපහදුව වන අතර 1983 සිට මේ දක්වා විවිධ ආණ්ඩු විසින් නව පිරිපහදුවක් ඉදිකිරීමට වෙර දැරුවත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වි නෑ.