counter hit xanga
March 28, 2023

මර්ධනය නවත්වන්නැයි ආණ්ඩුවට බලපෑම් කරන්න – ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක්

Last Updated on November 15, 2022 by Lankae Cast

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ නිදහස රැකගැනීමේ අරගලයට සහය දෙන මෙන් සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධාරීන් පිරිසක් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

අඟහරුවාදා (නොවැම්බර් 15) කොළඹ පිහිටි විදේශීය තානාපති කාර්යාල වෙත විවෘත ලිපියක් යොමුකරමින් එම ඉල්ලීම කරන සිවිල් ක්‍රියාකාරීන් පිරිස, සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති සහ සාමාන්‍ය පුරවැසියන් විසින් මහපොළොවේ සිදු කරන අරගලයට සහය දෙන මෙන් ද ඉල්ලා සිටිති.

“ශ්‍රී ලාංකිකයින්ගේ මූලික අයිතිවාසිකම් මර්ධනය, විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකරන සෑම ආකාරයකම හිංසනයන් හා බිය ගැන්වීම් වහාම නවත්වන ලෙසටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින්නන් නිදහස කිරීමට හා එම කුරිරු නීතිය අහෝසි කරන ලෙසටත් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට ඔබගේ සහය ලබාදෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු,” යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

සිවිල් සමාජ සංවිධාන 75ක සහ ක්‍රියාධරයින් 150කගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

හිතවත් තානාපතිවරුනි/මහ කොමසාරිස්වරුනි,

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි මර්ධනය නැවැත්වීමටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ
රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍ය නායකයින් කොන්දේසි විරහිතව
නිදහස් කරන ලෙසටත් ශ්‍රී ලංකා රජය වෙත බලපෑම් කිරීම

පහත අත්සන් කරන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අපි විරෝධතා මර්ධනය කිරීමේ සහ ජනතාවගේ ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස තිරශ්චීන ලෙස උල්ලංඝනය කිරීමේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ග තරයේ හෙලා දකිමු.

සාමකාමී විරෝධතා සහ වගකීම් සහගත හා වගවීම සහිත ආණ්ඩුකරණයක් වෙනුවෙන් වන සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා නෛතික පලිගැනීම් යෙදාගනිමිනි. විරෝධතා විසුරුවා හැරීමට හා විරෝධතාකරුවන්ට දඬුවම් දීමට බලය යෙදවීම සහ පලිගැනීමේ උපායමාර්ගයක් ලෙස අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබාගැනීම් හා නඩු පැවරීම් යොදා ගැනීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත. ත්‍රස්ත විරෝධී නීති -විශේෂයෙන් කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදී ඇති පොරොන්දු නොතකමින් එකී නීති විරෝධතාකරුවන්ට එරෙහිව යොදා ගැනීම සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමුව ඇත. අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි චෝදනාවක් හෝ ඇප ලබාදීමකින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක ට ආසන්න කාළයක් මේ වන විට රඳවාගනු ලැබ සිටියි. ඔවුන් රඳවනු ලැබ සිටින අපිරිසිදු, අනාරක්‍ෂිත හා ඔවුන්ගේ සෞඛ්‍යයට දැනටමත් අහිකකර ලෙස බලපා ඇති අමානුෂික ආකාරය සම්බන්ධයෙන් එකී සිසුන්ගේ පවුල් සහ නීතීඥයින් විසින් දිගින් දිගටම හඬ අවදිකර ඇත. 2022 අගෝස්තු 18 වන දින මුදලිගේ සහ සිරිධම්ම හිමි සමඟ අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත ඔක්තෝබර් 7 වන දින (දින 50 ක් රඳවා තබාගැනීමෙන් පසු) කොන්දේසි විරහිතව නිදහස් කරනු ලැබූයේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැතිවය.

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිගේ රැඳවුම් නියෝග අවසන් වන 2022 නොවැම්බර් 18 වන දින තෙක් නොසිට වහාම ඔවුන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකිරීමට ඔබ දක්වන සහය අපි අගයකර සිටිමු. ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඉලක්කකර සිදුකරන පීඩාවෙන් අවසන් කරන ලෙසටත්, දින 90 න් පසු කිසිදු අයුරකින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වන ඔවුන්ගේ රැඳවුම් නියෝග දීර්ඝ නොකරන බවටත් බලපෑම් කරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.

හිටපු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාට සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට බලකළ මෑතකාලීන ජනතා නැගිටීම තුල තීරණාත්මක කාර්ය භාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමඟ වෘත්තිකයින් හා සිවිල් සමාජ කණ්ඩායම් විසින් ඉටු කරන ලදී. උද්ධමනය ඉහලයාම සහ උග්‍රවන ආර්ථීක අර්බුදය සමඟ භාණ්ඩ හා සේවා දරාගත නොහැකි ලෙස ඉහල යාම, අයහපත් ආණ්ඩුකරණය, දූෂණය සහ රාජ්‍ය වගවීමක් නොමැතිකම යන කාරණාවන් සම්බන්ධයෙන් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් වෙත ජනතාව අවතීරණ වී ඇත. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධීපති ධූරයට පත්වීමෙන් පසු තීව්‍ර කරන ලද රාජ්‍ය මර්ධනය අවසන් කරන ලෙසටද ජනතාව බලකර සිටියි. ආර්ථික අර්බුදයට මඟ පෑදූ ශ්‍රී ලංකා රජයේ ක්‍රියා පිලිවෙත සම්බන්ධයෙන් පමණක් නොව සාමකාමී විරෝධයන්ට එරෙහි පලිගැනීම් සම්බන්ධයෙන්ද රජයට බලපෑම් කරනුවස් ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලබාගැනීමට විරෝධතාකරුවන් සමත්ව ඇත. විරෝධතාකරුවන්ට එරෙහි මර්ධනය සහ රටේ මහජන අවකාශය සීමා කිරීම සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව, ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ එක්සත් ජාතීන්ගේ අධිකාරය හිමි යාන්ත්‍රණ, මානව හිමිකම් ක්‍රියාධරයින් සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන විසින් සිදුකරන අධීක්‍ෂණ හා මැදිහත්වීම් අපි අගය කරමු. මේ තත්ත්වය තුල වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි යන ශිෂ්‍ය නායකයින් දෙදෙනා නිදහස් කරන ලෙසට වන විරෝධතාකරුවන්ගේ හඬ ශක්තිමත් කිරීමට ඔබගේ සහය ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සුරක්‍ෂිත කරනුවස් වන ජනතා අපේක්‍ෂාවන් තෘප්ත කරගනු පිණිස තීරණාත්මක වේ. ජාත්‍යන්තර ප්‍රජාවේ සමහර පාර්ශ්වයන් රනිල් වික්‍රමසිංහ සහ වර්තමාන ආර්ථික අර්බුදය විසඳීම සඳහා වන ඔහුගේ සැලැස්ම සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක පසුවුවද, මහජන විරෝධතා මර්ධනයට සහ ජනතාවගේ ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහසට ඔහු විසින් ගනු ලබන පියවර කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අපි අවධාරනය කරමු.

ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුද සමයක සිය ජනතාවට එරෙහි රජයේ ක්‍රියාපිලිවෙත විසින් මීළඟ වසරේ සමාලෝචනයට නියමිත GSP+ සහනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට ඇති ඉඩ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සියලු මැදිහත්වීම් පැහැදිලි හා පාරද්‍රෘෂ්‍ය මානව හිමිකම් පිලිවිතරයන් මත පදනම් වියයුතු බව අපගේ මතයයි. සැබෑ පරිවර්තනයක් සිදුවීමට නම් මෙවන් තත්ත්වයක් යලි ඇති නොවනු පිණිස වෙළඳ හා මූල්‍ය ක්ෂේත්‍රයන් තුලද බලපෑම් කළයුතු වේ. වැරදි තොරතුරු/ තොරතුරු විකෘති කිරීම් ඔස්සේ පුරවැසියන්ගේ විරෝධතාවන් ලේබල් කරමින් ඒවා අපරාධනීය බවට නාමකරණය කරමින් බොහෝවිට සිදුවීමට ඉඩ ඇති GSP+ සහනය අහිමිවීමේ  වගකීම විරෝධතාකරුවන් හා සාමාන්‍ය පුරවැසියන් වෙත පැවරීමේ රජයේ උත්සාහය අනතුරුදායක වන අතර කිසිසේත්ම භාරගත යුත්තක් නොවේ. ආර්ථික අර්බුදයට මඟ පාදන ලද්දේ සිය මර්ධනීය පිලිවෙත, අපරාධ මුක්තිය සහ දූෂණය බව රජය විසින් පිලිගෙන ඉන් බැහැර විය යුතුය.

යුද්ධය අවසන්වී වසර 13 කට පසුවද තවදුරටත් ක්‍රියාවේ යොදවනු ලබන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන් අහෝසි කළයුතු බව සිවිල් සමාජ සංවිධාන වශයෙන් අපි දිගින් දිගටම කියා සිටිමු. මෙම කුරිරු නීතිය ක්‍රියාවේ යොදවනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස උල්ලංඝනය කිරීමේ අරමුණිනි. විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් සුළුතරයන් මර්ධනයට සහ රජය සම්බන්ධයෙන් විවේචනාත්මක හඬ නැගීම් යටපත් කිරීමට එය යොදාගනු ලැබ ඇත. ත්‍රස්ත විමර්ෂණ අංශයට අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අද දක්වා 127 දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගන ලැබ ඇති අතර තවත් 11 දෙනුකු රඳවා සිටින අතර මියගොස් තිබේ.

එබැවින් ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හා නිදහස රැකගැනීමේ අපගේ අරගලයට ඔබගේ සහය ලබාදෙන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති සහ සාමාන්‍ය පුරවැසියන් විසින් මහපොළොවේ සිදු කරන අරගලයට ඔබේ සහය අතිශයින් වැදගත් වනු ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ මූලික අයිතිවාසිකම් මර්ධනය, විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකරන සෑම ආකාරයකම හිංසනයන් හා බිය ගැන්වීම් වහාම නවත්වන ලෙසටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින්නන් නිදහස කිරීමට හා එම කුරිරු නීතිය අහෝසි කරන ලෙසටත් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට ඔබගේ සහය ලබාදෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

අත්සන් කළේ;

Individuals

  1. A. Ajitha
  2. A.M.S.D. Perera
  3. Amali Wedagedara
  4. Amalini de Sayrah
  5. Angelica Chandrasekeran – Holistic Therapist & Metaphysical Counselor
  6. Anithra Varia
  7. Anthony Vinoth – Human Rights Activist
  8. Anuratha Rajaretnam
  9. Anushaya Collure
  10. Ashila Dandeniya
  11. B. Gowthaman
  12. B. Sukitha
  13. Bhavani Fonseka
  14. Bishop Duleep de Chickera – Member, Anglican Church of Sri Lanka
  15. Bishop Kumara Illangasinghe
  16. Buddhima Padmasiri – Attorney-at-Law
  17. Caryll Tozer – Environmental and Women and Child Rights Activist
  18. Chamila Thushari
  19. Chandra Devanarayana
  20. Channaka Jayasinghe
  21. Chintaka Rajapakse
  22. Christine Perera – Activist
  23. D.G.N.U.K. Jayarathna
  24. Damaris Wickremesekera
  25. Deanne Uyangoda
  26. Deekshya Illangasinghe
  27. Devika Kodithuwakku
  28. Dhammika Munasinghe
  29. Dhanusha Pathirana
  30. Dharmasiri Lankapeli – Chairperson, Socialist People’s Forum 
  31. Dilrukshi Handunnetti – Journalist and Attorney-at-Law
  32. Dinushika Dissanayake
  33. Dr. Paikiasothy Saravanamuttu
  34. Dr. Ranil D. Guneratne
  35. Dulan de Silva
  36. Duminda Nagamuwa
  37. Ephraim Shadrach
  38. Ermiza Tegal – Attorney-at-Law
  39. Francis Costa Priyankara
  40. Gamini Akmeemana
  41. Gamini Sisira Kumara
  42. Gayathri Gamage
  43. Geethika Dharmasinghe – Visiting Professor, Colgate University
  44. Godfrey Yogarajah
  45. Gratian A. Peiris – Transformation Facilitator
  46. Hemamali Abeyrathna
  47. Herman Kumara
  48. Ian Ferdinands
  49. J. Thayalini
  50. J.A.N.N.P. Fernando – Accountant & Social Activist
  51. J.B. Gurusinghe
  52. Jayalath Perera
  53. Jayani Abeysekara – Human Rights Activist
  54. Jayanthi Kuru-Utumpala
  55. Joanne Senn
  56. Joseph Stalin
  57. K. Hemalatha
  58. K. Nihal Ahamed
  59. K. Saththiyaseelan
  60. K.J. Brito Fernando
  61. Kalpa Munasinghe
  62. Lakshman  Gunasekara – President, Sri Lanka Chapter, South Asian Free Media Association
  63. Lasantha de Silva
  64. Lucille Abeykoon
  65. M. Nirmalathevi
  66. M. Sitralega – Independent Feminist Researcher, Batticaloa
  67. Mario Arulthas
  68. Mario Gomez
  69. Marisa de Silva
  70. Marx Prabhagar
  71. Mayura Senanayaka
  72. Mirak Raheem – Researcher and Activist
  73. N. Arththigan
  74. Nabeela Iqbal
  75. Nadishani Perera
  76. Nagulan Nesiah
  77. Natasha Vanhoff
  78. Nilshan Fonseka
  79. P. Muthulingam
  80. P. Pushpalatha
  81. P.G. Gamage – Human Rights Activist
  82. P.N. Singham
  83. Padma Pushpakanthi
  84. Pasan Jayasinghe
  85. Peter Rezel – Management Consultant
  86. Philip Dissanayake
  87. Philip Setunga
  88. Prabodha Rathnayaka – Attorney-at-Law
  89. Puni Selvaratnam – Women for Justice and Peace in Sri Lanka
  90. R. Kounthini
  91. R. Ranjan
  92. Rajany Rajeshwary
  93. Rajkumar Rajeevkanth
  94. Ranjan Senanayake
  95. Rekha Nilukshi
  96. Rev. Fr. Jeyabalan Croos
  97. Rev. Fr. Nandana Manatunga
  98. Rev. Sr. Nichola Emmanuel
  99. Rohini Hensman – Writer and Researcher
  100. Rosanna Flamer-Caldera
  101. Rosel Sameera
  102. Ruki Fernando
  103. Ruwan Laknath Jayakody – Writer
  104. S. Amarasinghe
  105. S. Easwarai
  106. S. Ethayarani
  107. S. Mariyarosalin
  108. S. Mohana Dharshiny
  109. S. Niththi
  110. S. Tharsan
  111. S. Thileepan
  112. S.C.C. Elankovan
  113. S.T. Ganeshalingam
  114. Sabra Zahid
  115. Sakuntala Kadirgamar
  116. Sampath Samarakoon
  117. Sandun Thudugala
  118. Sarah Arumugam – Attorney-at-Law
  119. Sarala Emmanuel
  120. Sarath Karunadasa
  121. Saroj Pathirana – Journalist, “Sandeshaya by Saroj”
  122. Sathivel Visvalinam
  123. Sheila Richards
  124. Shreen Saroor
  125. Shyam Pathiraja
  126. Shyamala Gomez
  127. Sirithunga Jayasooriya – General Secretary, United Socialist Party
  128. Srinath Perera – Attorney-at-Law
  129. Subathra Yogasingham
  130. Suchith Abeyewickreme – Civic Activist
  131. Sunanda Deshapriya
  132. Swasthika Arulingam
  133. T.V. Sankha Ranadheera
  134. Tempitiye Sugathananda himi
  135. Tharindu Jayawardhana
  136. Tharindu Uduwaragedara
  137. Thilak Kariyawasam
  138. Thyagi Ruwanpathirana
  139. Tisaranee Gunasekara
  140. Upul Wickramasinghe – Durham University
  141. V. Mahenderan – National Organiser, New Democratic Marxist-Leninist Party
  142. V. Shamini
  143. V. Sinthuka
  144. Vaas Gunawardena
  145. Viraj Abayarathna
  146. Visakha Tillekeratne
  147. Wasantha Karunatilake
  148. Wijepala Weerakoon
  149. Y.B. Jayasekara
  150. Yamini Ravindran – Attorney-at-Law

Organisations/Unions/Networks

  1. All Employee Union of Information and Telecommunication
  2. Alliance Development Trust
  3. Alliance for Minorities
  4. Ampara District Alliance for Land Rights (ADALR)
  5. Centre for Equality and Justice (CEJ)
  6. Centre for Policy Alternatives (CPA)
  7. Ceylon Bank Employees’ Union
  8. Ceylon Teachers’ Union
  9. Collective for Progressive Unity
  10. Commercial & Industrial Workers Union (CIWU)
  11. Committee for Protecting Rights of Prisoners (CPRP)
  12. Community Welfare and Development Fund
  13. Dabindu Collective
  14. Equal Ground
  15. Families of the Disappeared (FoD)
  16. Federation of Media Employees Trade Unions
  17. FIAN Sri Lanka  
  18. Forum for a Plural Democracy
  19. Free Media Movement (FMM)
  20. Free Trade Union Centre
  21. Free Women
  22. Government Midwife Services Union
  23. Human Elevation Organization (HEO)
  24. Human Rights Office, Kandy
  25. Institute of Social Development (ISD)
  26. Insurance General Employees Union
  27. International Centre for Ethnic Studies (ICES)
  28. Joint Development Officers Center
  29. Joint Engineering Corporation Employees Union
  30. Joint Health Workers Union
  31. Joint Railway Employees Union
  32. Joint Teachers Service Union
  33. Joint Water Supply Workers Union
  34. Justice for Victims
  35. Lanka Progressive Teachers Union
  36. Law and Society Trust (LST)
  37. Lawyers Forum for the People
  38. Liberation Movement
  39. Mannar Women’s Development Federation (MWDF)
  40. Mass Movement for Social Justice (MMSJ)
  41. Maynmai
  42. Media Law Forum (MLF)
  43. Movement for National Land and Agricultural Reform (MONLAR)
  44. Movement for Plantation Peoples’ Land Rights (MPPLR)
  45. Muslim Women’s Research and Action Forum (MWRAF)
  46. National Fisheries Solidarity Movement (NAFSO)
  47. National Trade Protection Council
  48. People’s Alliance for Right to Land (PARL)
  49. Plantation Workers Centre
  50. Praja Abhilasha Network
  51. Private Sector Employees Centre
  52. Professional Center for People
  53. Protect Union
  54. Revolutionary Experience of Human Development (RED)
  55. Right to Life (R2L) Human Rights Centre
  56. Rule of Law Forum
  57. Satahan Media
  58. Savisthri National Women’s Movement   
  59. Sisterhood Initiative
  60. Social Institute for Development of Plantation Sector (SIDPS)
  61. Sri Lanka All Telecommunication Employees Union (SLATEU)
  62. Sri Lanka Nature Group (SLNG)
  63. Standup Movement Lanka
  64. Transparency International Sri Lanka (TISL)
  65. United Federation of Labour (UFL)
  66. United General Services Union
  67. Upcountry Civil Society Collective (UCSC)
  68. Vallamai Movement for Social Change, Jaffna
  69. Women’s Action Network (WAN)
  70. Women’s Action for Social Justice
  71. Women’s Liberation Thought Organisation
  72. Workers Struggle Center
  73. Young Journalists Association (YJA)
  74. Young Women’s Christian Association (YWCA)
  75. YOUTH FOR CHEnge