Last Updated on June 15, 2021 by Desman Chathuranga
මහත් අන්දෝලනයකට තුඩු දුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ගේ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතාගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරුණු විමසිමට සුදානමක් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
අදාළ ලිපිය සම්බන්ධයෙන් දිගින් දිගටම මතුවන සංවාද සහ එවා දඩමීමා කරගනිමින් විපක්ෂය කරන ඇතැම් ප්‍රකාහ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දි තිබේ.
තමා මේ පිළිබඳව ලේකම්වරයාගෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවත් මේ ප‍්‍රශ්නය අල්ලගෙන ඇතැම් අය ආණ්ඩුවේ ප‍්‍රශ්න වැඩියි කියා සිතනවා නම් එය වැරදි බවත් පෙන්වා දි ඇති අගමැතිවරයා ආණ්ඩුව තුළ වෙනසක් ඇතිවනු ඇති බවට විපක්‍ෂය හිතන අදහස වැරදි බවත් අගමැතිවරයා එහිදි කියා තිබේ.
කැබිනට් මණ්ඩල හමුව….
ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධයෙන් ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡාවට ලක්ව තිබේ. මිළ වැඩිවිම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති සමාජ කොටස් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කැබිනට් අමාත්‍යවරුන් එහිදි ඉල්ලිම් කර තිබේ.
ඛනිජ තෙල් සංස්ථා ව මුහුණදී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල වැඩි කිරීම හැර විකල්පයක් නොමැති වුවත් ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති සමාජ කොටස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම භුමිතෙල් සහ ඩීසල් මිල ඉහල යැම ධීවර ප්‍රජාව සම්බන්ධයෙන් සහ පොදු ප්‍රවාහන සේවා සදහා බලපාන බැවින් ඒ සදහා ඉන්ධන සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනකිහිපය තුලදි යම් ක්‍රියාමාර්ගයක් ගැනිමට කටයුතු කිරිමට නියමිතයි.
GAS මිළ ඉහලට!
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ යෝජනාවද කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡාවට ගෙන් තිබේ.ඩොලරයේ අගය ඉහළ යාමත් ,ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කාරණා මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහි පෙන්වා දි ඇත.
බොහෝ විට 12.5 Kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 585.00 කින් ඉහල යනු ඇති බවයි වෙළඳ පොල ආරංචි මාර්ග සදහන් කළේ.
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!