Last Updated on May 29, 2021 by Desman Chathuranga
X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නා.
ඒ නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වු අවස්ථාවේදීය.
සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට මෙහි දී උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන්නැයි ද කියා සිටියේය.
ගිනිගත් නෞකාවේ බලපෑමට ලක්වන මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට දැනුම් දුන්නේය.
සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලුම දෙනාට සිය ප්‍රණාමය අග්‍රාමාත්‍යවරයා පුද කර සිටියා.
මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන්වන නාලක ගොඩහේවා, කංචන විජේසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
[url=http://cheapdrugs.store/#]best ed pills[/url]
stromectol for humans for sale stromectol pills for humans buy stromectol online
stromectol 12 mg tablets stromectol for humans for sale ivermectin without a doctor prescription