Last Updated on June 15, 2021 by Desman Chathuranga
ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇති නිසා එය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව සහ ඊයෙ අමාත්‍ය ගම්මන්පිල මහතා පැවැත්වු මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් කල විමසිමකදි අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.
මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමුවේ වෙනත් විකල්පයක් නැති නිසා බවද පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මෙය තාවකාලික පියවරක් බවද සදහන් කර තිබේ.
මෙරට ජනතාවට මුහුණ දෙන තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බැවින් ලෝක ඉන්ධන මිල පහළ ගිය වහාම ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවද වගකිමෙන් යුතුව අවධාරණයකර තිබේ.
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර