Last Updated on May 18, 2021 by Panduka Herath
උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු (SLPP) මන්ත්රීනී හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිමට කටයුතු කල බව පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ උකුවෙල කැන්දගොල්ලාමඩ වසමේදි අදාළ භාණ්ඩ ලබා දිමේදි ඇතිවු ගැටලුවක් මත මන්ත්‍රිවරිය සහ ග්‍රාම නිලධාරිවරිය අතර ඇතිවු බහින්බස් විමක් අතරතුර මෙම පහරදිම සිදුව තිබේ. පසුව මන්ත්‍රිවරිය පොලිස් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදාහැර තිබුනා.
ග්රාමනිලධාරිවරිය මේ වන විට මහනුවර ජම්බුගස්පිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම පහරදිම හෙළාදකිමින් උකුවෙල කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් සිය රාජකාරි කටයුතු වලින්ද ඉවත්ව සිටියා.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න