counter hit xanga
February 4, 2023

Media මාර්කටින් නිසා පොලිසිය අමාරුවේ වැටේ!

Last Updated on May 29, 2021 by Desman Chathuranga

මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන්, පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම් පොලිසි දැනුවත් කර තිබේන බව වාර්තා වේ.

මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේදී සහ පුද්ගලයන් පරික්ෂා කිරීමේදී ඔවුන් අපහසුතාවයට පත්වන පත් වන අයුරින් සහ පරිභව වන අයුරින් කටයුතු කරන අයුරු මාධ්‍ය මඟින් උලුප්පා දැක්විම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් ර තිබේන බව සදහන්.

මෙවැනි ක්‍රියාවන් තුළින් එම පුද්ගලයන් සමාජය ඉදිරියේ අවමානයට ලක්වන අතර එය පොලිසියේ අභිමානයට මෙන්ම කීර්ති නාමයට කැළලක් ඇති වන බවත් පෙන්වා දෙන පොලිස්පතිවරයා වහාම එම ක්‍රියාදාමය නතර ඉරිමට කටයුතු කලයුතු බව මෙම චක්‍රලේඛය හරහා දැනුම් දි තිබේ.

මින් ඉදිරියට නිලධාරීන්ගේ මෙවන් හැසිරීම් මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවහොත් අදාල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව කටයුතු කරන බවද එහි සදහන් කර තිබේන බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ.