counter hit xanga
February 4, 2023

රිෂාඩ් හා රියාඩ්ට දින 90කට DO ගහයි?

Last Updated on April 24, 2021 by Desman Chathuranga

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ අද(24) අලුයම අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CIDය දින 90 ක (detention order) රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත මෙම අත් අඩංගුවට ගැනිම සිදුකල අතර අත් අඩංගුවට ගැනිමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) විධිවිධාන යටතේ පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්ණ කරමින් සිටි.

එම පැය 72ක ප්‍රශ්ණ කිරිම් වල ප්‍රගතිය අනුව විමර්ශන ඉදිරියට ගෙන යෑම සදහා විමර්ශකයින් දින 90 ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර ඇත්තේ.එම අවසාන තීරණය නඩුව විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා විසින් තීන්දු කිරිමට නියමිතයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නීතීඥ රුෂ්ඩිහි හබීබ් විසින් මාධ්‍යයට ලිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන මහත්වරුන්, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් තහවුරු කර තිබෙන බවයි.

උපුටා ගැන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නීතීඥ රුෂ්ඩිහි හබීබ්ගේ ලිපියෙනි.

“රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ චෝදනා සියල්ල, ශ්‍රේෂාඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂම විසින් විභාගයට ගෙන අවසන් කර තිබේ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට ආධාර, අනුබල දුන් බවට, කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලින් සනාථ වී නැත. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට කිසිදු සාක්ෂියක් එම කොමිෂමට ඉදිරිපත් ව නැත. එවන් පසුබිමික, සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවෙන අවස්ථාවකි.”