counter hit xanga
October 22, 2021

පොලිස් උසස්වීම් රැසක් ලගදීම!

Last Updated on May 29, 2021 by Panduka Herath

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ඉදිරි සතියේදී සුදුස්සන් පත් කිරිමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

නිලධාරී හිඟය පොලීසියේ රාජකාරි කටයුතුවලට බාධාවක්වී ඇති බව ආරක්ෂක මණ්ඩලයේ දී ජනාධිපතිවරයාට පෙන්වා දිමෙන් පසුව මෙම ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කල බවයි ඔහු සදහන් කළේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230කටද සුදුස්සන් පත්කිරිමට කටයුතු කරනු ඇත.අදාළ පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය මේ වනවිට ලැබි ඇති අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහා එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මෙම පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය දැනටමත් ලැබී ඇතැයි කී මහජන ආරක්ෂක ඇමතිවරයා ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහා එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවද කීවේය .