counter hit xanga
February 4, 2023

පොලිසිය හරීන්ගේ ගේ වටලයි! CCTV

නිවසේ මහජන රැස්වීමක් පැවැත්වෙන බවට කීසියම් අයෙකු දෙන ලද තොරතුරකට අනුව එම නිළධාරින් පැමිණ තිබේ.

Last Updated on June 17, 2021 by Desman Chathuranga

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට පොලිස් නිලධාරීන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් හදිසියේ පැමිණ ඇතැයි වාර්තා වේ.

නිවසේ මහජන රැස්වීමක් පැවැත්වෙන බවට කීසියම් අයෙකු දෙන ලද තොරතුරකට අනුව එම නිළධාරින් පැමිණ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

පසුව එම නිළධාරින් ආපසු ගොස් ඇති බවද ඔහු සදහන් කළා.

හරින් ප්‍රනාන්දු මහතා මාස දෙකක පමණ කාලයක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගී ජනබලවේගයේ ක්‍රියාකාරි කටයුතු වලින් ඉවත්ව සිටින අතර පසුගියද සජිත්ට සහය දක්වමින් ගෙන ආ යෝජනාව පිළිබඳවද ඔහු දැඩි ලෙස චෝදනාවට ලක්කර තිබුනා.

සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළිගන්නා බවට යෝජනාවක් සම්මත කර ගැනිම මහා මෝඩ වැඩක් බවත් එම යෝජනාව ගෙන ආ මොඩයා කවුද? යනුවෙන් ඔහු එහිදි ප්‍රශ්ණ කර සිටියා.