Last Updated on June 10, 2021 by Desman Chathuranga
Update:- නිරෝධායන නීති කඩකර කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 09 දෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කිරිමෙන් පසුව පුද්ගලික ඇප මත මුදා හැර තිබේ. මිට අමතරව ප්‍රදේශය භාර සෞඛ්‍ය නිළධාරීගේ උපදෙස් මත මෙම පිරිස අදාළ නිවෙස්වලම නිරෝධායනයට යොමු කරවීමටයි පියවර ගෙන තිබේ.
පිරිමි 04 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු මෙම පිරිස අතර සිටින අතර ඔවුන් විදේශිකයන් 03 දෙනෙකුද මෙම පිරිස අතර වනවා.
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
නිරෝධායන නීති රෙගුලාසි උල්ලංඝනය කරමින්කො ළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නාන තටාකයක් අසල සාදයක් පැවැත්වු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ 3 මහල් නිවාස සංකීර්ණයේ වහලය මත සාදය පවත්වා ඇති බවයි.මෙම සාදය වේදිකා නිවාස සංකීර්ණ පිහිනුම් තටාකය අසල වේදිකා ගත කර ඇති බව ද ඔහු අනාවරණය කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් තිබේන අතර කොළඹ සහ රටේ අනෙකුත් ප්‍රදේශ වලද වැටලීම් දිගටම සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අවධාරණය කළා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි