Last Updated on May 7, 2021 by Desman Chathuranga
දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල්වලට යොමුවීමේ ප්‍රවණතාවක් පවතින නිසා රටේ සියලුම පාසල්වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරු තම විදුහලේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කැපවී කටයුතු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙවර උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය සඳහා ඉහළ සාමාර්ථ ලබා ගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවිනි රවිෂ්කා සිසුවිය සහ භානුක වික්‍රමසිංහ සිසුවා අරලියගහ මන්දිරයට පැමිණ ප්‍රතිඵල ප්‍රකාශ කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව කිය සිටියා.
ජනප්‍රිය පාසල් වලට පමණක් යාම තවදුරටත් දරුවන්ගේ අරමුණක් නොවන බවත් ඉහළ ප්‍රතිඵල පෙන්වන විද්‍යාල වෙත දරුවන් යොමුකිරීමේ දෙමාපිය ප්‍රවණතාවක් පවතින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි පෙන්වා දුන්නා.
නවිනි රවිෂ්කා සිසුවිය ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගෙන ඇති අතර භානුක වික්‍රමසිංහ සිසුවා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ සිව්වන ස්ථානයට පත්ව තිබේ.
තාක්ෂණ විෂය සදහා සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට තාක්ෂණවේදය විෂය හැදැරීම සඳහා අනුරාධපුර, කිලිනොච්චිය, නිකවැරටිය සහ රත්නපුර ආදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙන්ම ජනප්‍රිය පාසල් වල දරුවන්ද පැමිණෙන බව විදුහල්පති එම්.ආර්.ඩී.කසුන් ගුණරත්න මහතා මෙහි දී සදහන් කළේය.
තාක්ෂණ විෂය ධාරාව ඉගැන්වීම සදහා ආරම්භ කළ දකුණු ආසියාවේ ප්‍රථම පාසල වන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයයි. අද වන විට සිසු සිසුවියන් 6800ක් එහි අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 315 දෙනෙක් සේවයේ නිරතව සිටිති.
මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ දරුවන්ගේ දෙමව්පියෝ සහභාගී වූහ.
[url=http://cheapdrugs.store/#]best ed medication[/url]
viagra cialis on line parmacy tadalafil
ivermectin otc ivermectin pills human
where to buy cialis soft tabs cialis pills
cialis black review generic tadalafil 20mg india
https://gabapentin.icu/# buy cheap neurontin
https://diflucan.icu/# buy diflucan online
stromectol 12 mg tablets ivermectin cream cost