counter hit xanga
January 28, 2023

අපි කරන්න ගියොත් Money Laundering උන් කරනකොට!

Last Updated on April 28, 2021 by Desman Chathuranga

Port city මුල්‍ය නගරය මුදල් විශුද්ධීකරණය හෙවත් Money Laundering සදහා යොදාගන්න බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා සිය ට්විටර් twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් කර තිබේ.

“අපි කලොත් සහ කරන්න ගියොත් Money Laundering උන් කරනකොට private banking, wealth management and offshore banking. Singapore Dubai and Hong Kong are very good countries for banking. Port city of Sri Lanka is very bad. Money laundering” යනුවෙන් තබා ඇති එම සටහනට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාවද සම්බන්ධ කර තිබේ.

නිමල් පෙරේරා මහතා මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වනවා.

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් ඇති කරන මධ්‍යස්ථානය කළු සල්ලි මධ්‍යස්ථානයක් නොවේ නම් එය සනාථ කරන සංශෝධන පනතට ගෙනැවිත් පෙන්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් රජයට අභියෝග කර සිටියා.

ඒ සම්බන්ධයෙන් නීතියක් ගෙනැවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද උපදෙස් ගෙන සම්මත කරගත යුතු බවයි වික්‍රමසිංහ මහතාගේ අභියෝගය වි ඇත්තේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කෙරුණු පෙත්සම් 19 ක් සළකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය නිර්දේශ කතානායකවරයා වෙත යොමු කළ අතර අද බොහෝදුරට එම තින්දුව දැන ගැනිමට හැකිවනු ඇති බවයි වාර්තා වන්නේ.