counter hit xanga
March 26, 2023

Port City කොමිෂමේ බහුතරය අපිට!

Last Updated on April 23, 2021 by Desman Chathuranga

යෝජිත ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ’ බහුතරය දේශීය සාමාජිකයන්ගෙන් සමන්විත වන බව ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නා

. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආටිගල සහ කැබිනට් මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සදහන් කළේ එම කොමිසම සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත වන්නේ නම් ඉන් තිදෙනකු ශ්‍රී ලාංකිකයන් වනු ඇති බවද සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත වන්නේ නම් සිව් දෙනකු ශ්‍රී ලාංකිකයන් වනු ඇති බවයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අතරමැදි පෙත්සම් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා

මෙ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දි තිබේ.

එම සංශෝධන කමිටු අවස්ථාවේදී කරන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම සංශෝධන සම්බන්ධයෙන් නීතිපතිවරයාට යොමු කළ ලිපියේ පිටපත් අධිකරණයට ලබාදි තිබේ.