Last Updated on June 3, 2021 by Desman Chathuranga
වරාය නාගර කොමිසමට පත් කළ සාමාජිකයන්ගෙන් කිසිවකුටත් ආයෝජන ගෙන්වා ගැනීමට අවශ්‍ය දැනුමක් හෝ පළපුරුද්දක් නැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ අද (3) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ යම් දැනුමක් ඇති අයෙක් ලෙස සිටින්නේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා වුවත් ඔහුට වරාය නගරයට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා කිසිදු අත්දැකීමක් හෝ පළපුරුද්දක් නැති බවයි.
X-Press Pearl නෞකාවේ ගින්න සමඟ ඇතිවූ සමුද්‍රීය දූෂණය හේතුවෙන් කොළඹ වරාය නගරයට තිබූ අවසන් වටිනාකමත් නැතිව ගිය බවත් කොළඹ වරාය නගරය මුළුමනින්ම එහි ඉදිරිපිට සාගර කලාපය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන හෙයින් සාගරයේත් වෙරලේත් විනාශය වරාය නගරයේ පැවැත්මට සෘජුවම බලපාන බව ද එජාප සභාපතිවරයා සඳහන් කර සිටි.
කොළඹ වරාය නගරයේ වැඩිපුරම ආයෝජන තිබෙන්නේ නිවාස ඒකක සඳහා වුවද සම්පූර්ණයෙන් විනාශ වූ වෙරළක් හා සාගර කලාපයක් අසල නිවාස මිලදී ගැනීමට කිසිදු විදේශකයෙක් ඉදිරිපත් වන්නේ නැතැයි ද වජිර අබේවර්ධන මහතා කියා සිටියා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි