counter hit xanga

Port City කොමිසමට ඡන්ද විමසීම හෙට සවස 4ට!

Last Updated on May 19, 2021 by Desman Chathuranga

වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) පනත අද සහ හෙට (19-20) කෙටුම්පත විවාදයට ගන්නා අතර ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා එනම් හෙට සවස 4ට පැවැත්විමට නියමිතයි.

මේ අතර පනත් කෙටුම්පත දෙවැනිවර කියවිම,කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවිම හා රජය ඉදිරිපත් කරනු ලබන සංශෝධන සදහා ඡන්ද විමසිම සදහා පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටිම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කර තිබේ.

වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) පනතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සංශෝධනය කිරීම හෝ ජනමත විචාරණයකින් සම්මත වුවහොත් වලංගු කළ හැකි බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දි තිබුනා. ඒ අනුව අදාළ වගන්ති සංශෝධනය කිරිම හරහා සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ පනත සම්මත කල හැකි වනවා.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවටපැතිර යන කතාව අසත්‍යයක් බවත් පාර්ලිමේන්තුව අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ බ්‍රහස්පතින්දා කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත කර ගන්නා බවයි මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කළේ.