Last Updated on May 27, 2021 by Panduka Herath
MV X-Press Pearl බහලූ නෞකාවේ හටගත් හදිසි ගින්න සම්බන්ධයෙන් www.splash247.com නැමති වෙබ් අඩවිය සිදුකර තිබු අනාවරණයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
splash247.com වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට රටවල් දෙකකින් ඇතුළුවීම ප්‍රතික්ෂේප වු මේ නැවට කොළඹ වරාය ආසන්නයටම ඇතුල් වීමට අවසර දුන්නේ කවුද? එසේ අවසර දීමකදී, මේ නැවේ මෙවැනි රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙමින් පවතින තත්වය පිළිබඳව අපේ බලධාරීන් නිසි අවධානය යොමු කලාද? යන්න ප්‍රශ්ණය මතුවිම වැලැක්වීමට හැකියාවක් නෑ.ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුද? යනුවෙන් ප්‍රශ්ණ කර තිබුනා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය පෙන්වා දෙන්නේ
කොළඹ වරායට අයත් CICT බහලූ පර්යන්තයේ බහලූ මෙහෙයුම් සේවාවන් ලබා ගැනීම ට සැලසුම් කළ නෞකාවක් ලෙසින් සැලකෙන මෙම MV X-Press Pearl නෞකාව එම පර්යන්තයේ දී බහලූ මෙහෙයුම් ඇරඹීමට නියමිතව තිබු බවයි.
MV X-Press Pearl නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් 19 වැනි දින රාත්‍රීයේ ගුවන් විදුලි පණිවිඩ ඔස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාළන මැදිරිය අමතා පවසා තිබුණේ නෞකාව වරාය සීමාව ට පැමිණෙන්නේ එදින මධ්‍යම රාත්‍රීයේ බවත්, එය කොළඹ වරායේ දියත් ප්‍රදේශයට පැමිණෙන්නේ 20 වැනි දින අළුයම බවත් ය. මේ අවස්ථාවේ නැංගුරම්පොළ සූදානම් නොමැති හෙයින් බහලූ මෙහෙයුම් ක්‍රියාවලියේ දී සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයෙන් වරාය මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටීම ට නෞකාව වෙත අවසර ලබා දෙන ලද බවද එම නිවේදනයේ දක්වා තිබේ.

http://buystromectolon.com/ – ivermectine 6mg
Amoxicillin Dog
[url=http://cheapdrugs.store/#]ambien without a doctor’s prescription[/url]
viagra tablets for men viagra sildenafil citrate tablets 100 mg