counter hit xanga
February 4, 2023

නලින් බණ්ඩාර සහ බිරිඳට Positive..

Last Updated on May 25, 2021 by Desman Chathuranga

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා. නලින් බණ්ඩාර කොරෝනා ආසාදනය වි රෝහල් ගතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස මෙයට පෙර හඳුනා ගෙන තිබිණ.

තමන්ට හා බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් දෙදෙනා රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සදහන් කළා.

තමාට තදබල ඔලුවෙ කැක්කුමක් හටගැනීමෙන් පසුව තමාත් බිරිඳත් කොරෝනා පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේ දී වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි නලින් බණ්ඩාර මහතා සදහන් කළේ.