Last Updated on May 9, 2021 by Panduka Herath
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඊට අදාළ චක්‍රලේඛය හෙට (10) නිකුත් කිරිමට කටයුතු කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සදහන් කළේ.
පවතින කොවිඩ් වසංගත තත්වය සමඟ ගැබිනි මවුවරුන්ට වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.
මීට අමතරව පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දීමට ද මෙම චක්‍රලේඛය මගින් කටයුතු කර තිබෙන බවද වර්තා වේ.
More Stories
අත් අඩංගුවට ගැනිම් පසුපස දේශපාලන කුමන්ත්‍රණය!
මැර ප්‍රහාරයට ඉඩදුන් නියෝගය කාගේද?
” මුල්ලිවයික්කාල්” අනුස්මරණය ගෝටාගෝගමේදි!