Last Updated on May 7, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් AstraZeneca (ඇස්ට්‍රා සෙනිකා) එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණය ලබා ගැනිමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහය වනු ඇති බව තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom (ටෙඩ්රෝස් අද්නාම්) සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා සිය twitter ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.
ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව සඳහා මේ වන විට ලොවපුරා මාත්‍රා මිලියන 20ක පමණ අවශ්‍යතාවක් පවතින බවද ජනපතිවරයා සිය සටහනේ දක්වා තිබේ.
Had a useful zoom discussion with @DrTedros. I believe he will make effort to fulfil #lka need for 600,000 doses of #AstraZeneca for the 2nd dose of vaccination.
— Gotabaya Rajapaksa (@GotabayaR) May 7, 2021
Globally, there is a need for 20 million doses of the #AstraZeneca for the 2nd dose.
අස්ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන සිරම් ආයතනය ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය හේතුවෙන් එන්නත සැපයිම කළ නොහැකි වී තිබේන බවයි වාර්තා වන්නේ.
මේ අතර කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා.අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටු සාකච්ඡාවේදි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් බවයි.
ආසාදිතයන් හඳුනා ගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව පෙන්වා දුන් කමිටු නිලධාරින් රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය බවද අවධාරණය කර තිබේ.
මේ අතර ඇමරිකාවේ නිෂ්පාදනය කරන Pfizer (ෆයිසර්) කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද ලැබී තිබේ.
මේ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ආනයනය කිරීමට කටයුතු කර ගෙන යන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කියයි.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි