counter hit xanga
October 21, 2021

ජනපතිගෙන්,ඇමතිවරුන්ට තරවටුක්!

Last Updated on July 3, 2021 by Panduka Herath

සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කරන ලෙස නිතර ජනපතිට පැමිණිලි කරන ඇමතිවරුන්ට ජනාධිපතිවරයා වක්‍රව තරවටු කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ මැති ඇමතිවරු රුසක් තම අමාත්‍යාංශ සතු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට ජනපති පත්කළ පුද්ගලයන්ගේ දුර්වලතා කියමින් වෙනත් අය පත්කිරීමට අවසරය ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිරන්තරයෙන් ලිපිද යොමුකර තිබේ.

තම හිතවතුන් වෙනදා මෙන් හිතු මනාපයට තනතුරුවලට පත්කිරීමට නොහැකි වීම,තමන්ට අවනත පුද්ගලයන් පත්කර ගැනිමට නොහැකි විම වැනි ගැටලුවද ඇමතිවරුන්ට තිබු අතර ඒ හේතුවෙන් මෙම ඉල්ලිම ඉදිරිපත් වි තිබේ.

ඒ අනුව සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කළ නියෝගයට අනුව කියැවුණේ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයන් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙසට නියෝග පනවමින් ලිපියක් යොමුකර තිබේ.

වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද එම ලිපිය හරහා පෙන්වා දි තිබේ.එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බවයි ඒ හරහා අවධාරණය කර ඇත්තේ.

එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.