counter hit xanga
June 26, 2022

ජනාධිපති සමාවදීම වෙනස් වෙයි!

Last Updated on May 26, 2021 by Panduka Herath

වෙසක් පොහොය නිමිත්තෙන් වාර්ෂීකව සිදුකරනු ලබන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් නිදහස් කිරිමේ ක්‍රියාවලිය සංශෝධනයට ලක් කර තිබේ. බන්ධනාගාර කළමනාකර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්ත මහතා සහ අධිකරණ අමාත්‍ය අලී සබ්‍රී මහතා එක්ව මෙම ක්‍රියාවලිය සංශෝධනය කල බවයි බන්ධනාගාර කළමනාකර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ අනුව

මිට අමතරව ඉදිරියේදි බන්ධනාගාර ආයතන තුල කාලයක් රදවා සිටින මරණ දඩුවම නියමව සිටින සිරකරුවන්ගේ දඩුවම පරිවර්තනය කිරිම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරිමටද කටයුතු කරමින් සිටින බවයි බන්ධනාගාර කළමනාකර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

කෙසේවෙතත් මෙම සමාව දිමේ ක්‍රියාවලිය සදහා බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ රැදවියන්ට ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යංශ නිවේදනයේ සදහන් වේ.

මේ අතර අදට යෙදෙන වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් සිරකරුවන් 240 දෙනෙකුට නිදහස ලබාදිමට කටයුතු කරන බව බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ මෙම නිදහස හිමි වන් අතර ඔහුන් සුළු වැරදි යටතේ බන්ධනාගාර ගත කළ පුද්ගලයින් වේ.