Last Updated on September 27, 2022 by Desman Chathuranga
මර්දනයට එරෙහිවත් තාරූණ්‍යයේ සිහින වලදැමූ පාලකයින්ට එරෙහිවත් අරගලයට නව ජවයක්! තේමාවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතා රැලිය සහ පෙළපාලියට පාදධ ආණ්ඩුවේ ආරක්ෂක අංශ පහර දුන්නා. කදුලු ගැස්, බැටන් ප්‍රහාර එල්ල කරමින් අමානුෂික අකාරයට පහරදුන් පොලිසිය සාමකාමී විරෝධතා පෙළපාලිය අතරතුර භික්ෂූන් වහන්සේ, නීතීඥයින් ඇතුළු තුරුණ තරුණියන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලිප්ටන් වටරවුමේ සිට තරුණ තරුණියන් දසදහස් ගණනක් පෙළපාලියකින් ගමන් aආරම්භ කල අතර සාමකාමි පෙළපාලිය කිසිදු හේතුවකින් තොරව ආරක්ෂක අංශ පහරදෙනු ලැබු බවයි එහි සිටි අප වාර්තාකරුවන් සදහන් කළේ.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 61 දෙනෙකු මරදාන පොලිස්ථානයේ රඳවාගෙන සිටින අතර තවත් 24 දෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලීසියේ රඳවාගෙන සිටිති.සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකරද ඒ අතර වේ.
තාරූණ්‍යයේ සිහින වලදැමූ පාලකයිනි, මර්දනය හකුලාගනු! වහා ඉල්ලා අස්වෙනු! යනුවෙනු සමාජවාදී තරුණ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පෙළපාලිය අතරතුර අත්අඩංගුවට ගත් තරුණයින් මුණගැසීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානාක මීට සුළු මොහොතකට පෙර මරදාන පොලිස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
Take immediate action against Sri Lanka's security forces! @UNHumanRights @lankaecast pic.twitter.com/CvYZRYclK8
— Chathuranga De Alwis (@journalistlk) September 24, 2022







More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?