Last Updated on June 4, 2021 by Panduka Herath
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් ලබාදි තිබේ.
ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කැදවා අවශ්‍ය උපදෙස් ලබාදි ඇති අග්‍රාමාත්‍යවරයා විපතට පත්වූවන් මුදා ගැනීම හා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද දැනුම් දි තිබේ.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන්නැයි මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට අගමැතිවරයා එහිදි උපදෙස් ලබාදි තිබේ.
දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට මහ වැසි ඇද වැටීමත් සමඟ ස්ථාන රැසක විවිධ ආපදා තත්ත්වයන් උද්ගත වී තිබේ. වැසි ජලයෙන් පහත්බිම් යට වීම, ගංවතුර හා නායයෑමේ අවදානම ඒ අතර ප්‍රධාන වේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මේ නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරින්ට දැනුම් දි තිබේ.මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරු ද එක්ව සිටියහ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න