Last Updated on May 5, 2021 by Panduka Herath
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඉක්මනින්ම සිදු නොකිරිමට ආණ්ඩුව තින්දුවක් ගෙන තිබේන බව ecast දේශපාලන වාර්තාකරු සදහන් කළා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් පෙන්වාදුන් කරුණු මත එම තීන්දුව ගැනිමට ආණ්ඩුව කටයුතු කර තිබේන බවයි ඔහු සදහන් කළේ.
කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත විම නතර කර ගැනිම සදහා රජය මේ වනවිට ගෙන යන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරිම මෙන්ම වයිරසය රටපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බවයි ඔහුන්ගේ අදහස වි තිබුනේ.ඒ අනුව මැතිවරණය කල්දැමිම සදහා කටයුතු කරන ලෙස පක්ෂ නායකයින් අගමැතිවරයාට යෝජනා කර තිබේ.
එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද අනුමත කර තිබේන අතර පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වෙන බැවින් සීමා නිර්ණ කටයුතු ඇතුලු අනෙකුත් කටයුතු සිදුකිරිමට හැකි බවද ඔහු පෙන්වා දි තිබේ.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!