counter hit xanga
March 26, 2023

බොරදියේ මාළු බාන PHI ලා

Last Updated on May 25, 2021 by Desman Chathuranga

කොරෝනා මර්දන වැඩසටහනට ගම් මට්ටමින් දායකවන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා එන්නත ප්‍රමුඛත්වය දී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබියදි බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කර තිබේ.ඒ කොරෝනා මර්දන එන්නත වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කල බව පවසමින්.

ඒ අනුව අද උදෑසන සිට සවස දක්වා බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත් වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය නිවේදනය කර තිබේ.

කෙසේවෙතත් කොරෝනා මර්දන වැඩසටහනට ගම් මට්ටමින් දායකවන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා එන්නත ප්‍රමුඛත්වය දී ලබාදීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයෙ හිමි වුනා.මෙම වැඩසටහන යටතේ සෑම ගමකම සිටින ග්‍රාම නිලධාරි ,පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනී ,ආර්ථික සංවර්ධන නිලධාරි ,සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ට සයිනොෆාම් එන්නත ප්‍රමුඛතාව දී ලබාදීමට නියමිතය.

මිට පෙර අවස්ථා ගණනාවකදි විවිධ හේතු මතුකරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය වගකිම් වලින් බැහැර වෙමින් කටයුතු කල අවස්ථා රැසක් තිබුනා.

මිට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ පරිපූරක වෛද්‍ය සේවා සංගමය හා වෘත්තීය සමිති හතරේ සාමාජික සාමාජිකයෝ එම සංකේත වැඩ වර්ජනය වැඩ වර්ජනයේ නිරත වන බව වාර්තා වේ.