Last Updated on June 7, 2021 by Desman Chathuranga
සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මාර්ගවල වාහන වලින් ගමන් කරන පුද්ගලයන් ඒ මොහොතේම නිරෝධායනය සඳහා යොමු කිරිමට පොලිසිය කටයුතු සම්පාදනය කරමින් සිටි.
ඒ අනුව, අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවන පුද්ගලයින් වාහන පදවන්නේ නම්, එම පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලිසිය බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මහමඟ හසුවන පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝණය කරන බවට අනාවරණය වන්නේ නම්, ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව නිරෝධායනයට යොමු කිරීම සඳහා කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ.
සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් තිබියදි ඊයෙත් (06) මාරක රිය අනතුරු 3ක් වාර්තා වී ඇති අතර එලෙස රිය අනතුරුවලට ලක්වී ඇති බොහෝ දෙනා සංචරණ සීමා උල්ලංඝණය කරමින් ගමන් කළ අය බවට අනාවරණය වී තිබේ.
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!