counter hit xanga
June 26, 2022

සුදු වෑන්, කිඹුලන් සමග පච කියු රාජිතට එරෙහි නඩුව ජුලි 07 වැනිදාට කැදවයි!

Last Updated on April 28, 2021 by Panduka Herath

සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවත් ඒ සදහා හිටපු ආරක්ෂක ලේකම්,වත්මන් ජනාධිපතිවරයාද සම්බන්ධ බවත් පවසමින් මාධ්‍ය හමුවක් පවත්ව අසත්‍ය සමාජගත කිරිමට උත්සහ කල හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ලබන ජුලි 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අද (28) නියෝග කළා.

ජනාධිපතිවරණය ප‍්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මෙම මාධ්‍ය හමුව පැවැති අතර බොරු රවුල්වලින් සැරසී ගත් පුද්ගලයින් දෙදෙනකු යොදවා මාධ්‍ය හමුවක් පවත්වා අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීමට සැලැස්වු බවට චෝදනා කරමින් අදාළ නඩුව පවරා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න එක්ව පවත්වාගෙන ගිය මැතිවරණ ප්‍රචාරක කාර්‍යාලය තුල මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබු අතර එවකට මාධ්‍ය හරහාද ඒ සදහා ඉහල ප්‍රසිද්ධියක්ද ලබා දුන්නා.

මාධ්‍ය හමුවේදි සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි ඇන්තනි ඩග්ලස් ප‍්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම, මෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවේදීම කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සතුව තිබී හමුදා බාරයට ගත් රත්තරං තොගයක් ගේඨාභය රාජපක්‍ෂ මහතා සතු කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි උණ්ඩියල් අතුල නමින් පෙනී සිටි අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබේ.

හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ කීමට තමන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 10 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට රැගෙන විත් සුදුවෑන් භීෂණය ගැන කතා කිරීමට උපදෙස් දුන්නේ, තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන නඩු, අපරාධ චෝදනා නිදහස් කිරීමේ හා රුපියල් ලක්ෂ විස්සක් ලබාදෙන පොරොන්දුව මත බව පසුව් මාධ්‍ය හමුවට පෙනී සිටි දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ අනාවරණ කර සිටියා.

අදාළ මාධ්‍ය හමුව 2019 නොවැම්බර් 10 වැනිදා පැවැති අතර එහිදි වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව සිදුකල අසත්‍ය චෝදනා පහතින් නරඹන්න