Last Updated on May 10, 2021 by Desman Chathuranga
වසංගතයෙන් ජනතාව රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතු බව එක්සත් ජාතික් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජංගම දුරකථනයෙන් පටිගත් කල විඩියෝවක් අන්තර්ජාලයට මුදාහරිමින් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ ආණ්ඩු මාරු කරන්න යැයි තමන් නොකියන බවයි.
“මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි.ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි. කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතලකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා.
අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න. ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම බාර ගන්න.”
“වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation (IHME) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව අපේ රටත්, රෝගීන්ගේ සීග්‍ර වර්ධනයේ උපරිමයකට එන්න පුළුවන්. ඒ වගේම දවසකට සියයකට වඩා මිය යා හැකි තත්ත්වයක් ජූනි ජූලි මාසය වෙන කොට එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කළ යුතු වෙනවා.
මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක්. “
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර