Last Updated on June 23, 2021 by Panduka Herath
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දිවුරුම් දිමෙන් පසු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවයි.
කොරෝනා මර්දණය කිරිම සදහා මෙහෙයුම් දියත් කිරිමේ බලය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට පමණක් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට,දෙපාර්තමේන්තු ප්‍රධානින්ට උපදෙස් ලබාදිය නොහැකි බවයි.
රට හමුදාකරණය නොකර ලැබුණු ජනවරම හරියාකාරව ක්‍රියාත්මක කිරිම සදහ කටයුතු කලයුතු බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද සදහන් කර සිටියා.
ඇයි හමුදාපති… ඔබතුමා බාර ගන්න.. රනිල්, මහින්දට කියයි…
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න