Last Updated on December 1, 2022 by Desman Chathuranga
අරගලයේ පිහිටෙන් රාජ්‍ය නායක පදවියට පත්වුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මානව හිමිකම් ක්‍රියාධරයින්, මානව හිමිකම් කොමිසම, ශිෂ්‍ය නායක වසන්ත මුදලිගේ සහ ජනතාවගේ අරගල කිරීමේ අයිතිය සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ අතිශය බරපතළයි වගේම දැඩි පිළිකුලෙන් යුතුව මම ඒ ප්‍රකාශයන් හෙළා දකිනවා.
ජනාධිපති රනිල් බලයෙන් වියරු වැටිල වගේම තමන්ගේ නිවස ගිනි තැබීම ගැන නොසන්සිඳෙන වෛරයකින් කටයුතු කරන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ.
දැන් ඔහු මානව හිමිකම් ක්‍රියාකාරීන්ට තර්ජනය කරනවා පමණක් නොවෙයි, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හෑල්ලුවට ලක් කරනවා “ඩිෆෙන්ඩර්” කියමින්. මානව හිමිකම් කොමිසමට තර්ජනය කරනවා පොලිසියේ ක්‍රියාකාරීත්වයට ඇඟිලි ගහන්න එපා කියල. මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය අසීමිත බලයක් එක්ක ඉතාම නින්දිත ආකාරයෙන් හැසිරෙමින් සිටින අතරවාරයේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015දි සම්මත කළ 30/1යෝජනාවට ලංකාව සම අනුග්‍රාහකත්වය දෙන්න පෙරමුණ ගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි වකවානුවේ. රනිල් ඒකට සම්පූර්ණ සහය දුන්න. ජාත්‍යන්තර ප්‍රජාව සහ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ මානව හිමිකම් ආරක්ෂකයෙකුගේ භූමිකාව රඟපාන රනිල් වික්‍රමසිංහ, රට ඇතුලේදි වියරු ඒකාධිපති භූමිකාවට මාරු වෙනවා. අරගල කරොත් අත්ඩංගුවට ගන්නවා, අරගලවලට ඉඩක් නෑ, හදිසි නීතිය දානව කියල තර්ජනය කරනවා. පොලිසියට උපරිම බලය දෙනව කියනවා, මේ තත්ත්වයට එරෙහිව පෙනී ඉන්න ක්‍රියාකාරීන් මර්දනය කරන්න.
මේක භයානක විහිලුවක්.
මේ ප්‍රකාශ නිසා හිට්ලර් පන්නයේ වියරු පාලනයක් පිළිබඳ බියක් අපි තුළ ඇති කරල තියෙනවා.
කණගාටුදායක ම දේ මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී හිටපු ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් රනිල් වික්‍රමසිංහ පාලනය එක්ක අශුද්ධ සන්ධාන ගොඩනගාගෙන මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය, නීතියේ පාලනයට එල්ල වෙලා තියෙන මේ දැවැන්ත තර්ජනය හාස්‍යයට ලක්කරමින් සිටීම.
ඒ නිසාම මානව හිමිකම් ක්‍රියාකාරීන් හැටියට මේක අපිට ඉතාම අභියෝගාත්මක කාලපරාසයක් කියල තමයි මම හිතන්නේ.
–ජයනි අබේසේකර, මානව හිමිකම් ක්‍රියාකාරිනී/ මාධ්‍යවේදිනී
More Stories
උතුරේ ජනයා ඝාතනය කරමින් දකුණ සැමරු තෛපොංගල්!
චෙක් රටෙහි සිවිල් සමාජය ලද ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහනය – රංජිත් හේනායකආරච්චි
13න හකුලන්න ආණ්ඩුවේන් කුමන්ත්‍රණයක්! රට බේරා ගැනිමේ අවසන් අවස්ථාව යලි කරලියට!