counter hit xanga
March 26, 2023

රටම ඩොලර් බිලියන 08කට විකුණන රනිල්ගේ සැලැස්ම හෙලිවෙයි!

Last Updated on December 16, 2022 by Desman Chathuranga

2023 වසරේදි ශ්‍රි ලංකාවේ වත්කම් ඩොලර් බිලියන 08 ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සැළැසුම් කොට ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි විදේශ මාධ්‍ය වෙත අනාවරණය කොට තිබෙනවා. ලංකා රජයේ වත්කම් මෙලෙස ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලබන වසරේදි ඩොලර් මිලියන 5000 ක ණයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ.

එය මෙතක් ලංකාව ලබා ගන්නා අති විශාලම ණය තොගය වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව අනෙකුත් මූල්‍ය ආයතන වලින් මෙම ණය මුදල ලබා ගැනීම විශේෂත්වය වේ.

මේ අතර කොළඹ වරාය ආසන්නයේ ගිනිබත් වූ එක්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඩොලර් බිලියන 10ක (ඇ.ඩො. මි. 10,000) වන්දි ලබා ගත හැකි බව මූලික තක්සේරු සිදුකර තිබියදී එය අතහැරීමට රජය තීරණය කොට ඇති බවත්, ශ්‍රී ලංකා රජයේ සියලු වත්කම් ඩොලර් මිලියන 8,000කට තක්සේරු කිරීමට රජය බලාපොරොත්තු වන බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළා.