Last Updated on June 6, 2021 by Panduka Herath
එක්සත් ජාතික පක්ෂයේ නායක,හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 8 වැනි අඟහරුවාදා දිවුරුම් දිමට සුදානම් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ecast දේශපාලන වාර්තාකරු සමග පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පසුගියදා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තිරණය කල අතර දිවුරුම් දෙන දිනය සම්බන්ධයෙන් එහිදි ප්‍රකාශ වි තිබුනේ නෑ. ඊට ආසන්නතම් හේතුව වුයේ පාර්ලිමේන්තුව නිශ්චිතවම රැස්වන දිනයක් නිවේදනය කර නොතිබිමයි.
මේ අතර නිරෝධායන රෙගුලාසි යටතේ පාර්ලිමේන්තුව ලබන 8වැනිදා අඟහරුවාදා අනිවාර්යයෙන්ම රැස්වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවේදනය කිරිමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිමද එදිනට සිදුවිමට නියමිත බවයි අප වාර්තාකරු සමග ජ්‍යෙෂ්ඨයා සදහන් කර ඇත්තේ.
පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් එදිනට අනිවාර්යෙන්ම රැස් විය යුතුවන බවත් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමනවා නම් එය කළ යුත්තේ එදින රැස්වීමෙන් පසුව බවත් වේත්‍රධාරීවරයා දැනුම් දි තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අනිද්දා (7 ) පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු රැස්වීම් ලබන අඟහරුවාදායින් පසුව පත්වන්නේ දැයි එදිනට තීරණය කරනු ඇත.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න