Last Updated on June 23, 2021 by Panduka Herath
හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මිට ස්වල්ප මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ එක්සත් ජාතික පක්ෂයට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙනි.
එජාපයට ලැබී ඇති මන්ත්‍රී අසුන සඳහා ඉතාම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කිරිමත්,රටේ පවතින දේශපාලන අර්බුද හමුවේ පාක්ෂිකයින්ගෙන් එල්ල වු දැඩි බලපැම් හමුවේ එම මන්ත්‍රීධුරය භාර ගැනිමට පක්ෂ නායකත්වය එකඟ වුනා.
වත්මන් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව දුර දක්නා නුවණ, මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය සහ ඒ තුළින් ශ්‍රී ලංකාවෙහි ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම කෘතහස්ත පරිනත දේශපාලඥයින් විරලය. එම රිත්තකය ශ්‍රී ලාංකීය ජන ජීවිතයට ඉතා තදින් බලපාන මොහොතක් බව සමාජය තුල මතුව තිබේන කතා බහ අනුව තහවුරු වෙමින් තිබේ.
එම නිසාම මේම දිවුරුම් දිම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේත් එක්සත් ජාතික පක්ෂයේත් සමස්ත ශ්‍රී ලංකාවේත් නව ගමනක ආරම්භය වනු නොඅනුමාන බවයි එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න