Last Updated on June 23, 2021 by Panduka Herath
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට අභයාරාමයට ගොස් විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් හමුවි සාකච්ඡාවක නිරතවුනා.
අද වනවිට කැබිනට් මණ්ඩලයම ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවත් ඔහුන් වෙනුවෙන් රගල කරන ලෙසත් මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා…
“අද එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වීම අපි කවුරුත් අගය කරන්න ඕන. මොකද මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇති කරගෙන තමයි, යහපාලන ආණ්ඩුව තුලින් මේ රට විනාශ කරනවා කියන සංකල්පය විශාල වශයෙන් මේ රටේ ජනතාව තුළ තිබුණා.”
“අපි තුළත් තිබුණා. අපි නිරන්තරයෙන් කතා කලේ රටේ පාලක පක්ෂය ධාර්මික නැත්නම්, අධාර්මික නම් හමන හුළගත්, වහින වැස්සත් ස්වභාව ධර්මය වෙනස් වෙනවා කියන එක අපේ බුදුගුණ අලංකාරය පොතේ ඉතාම පැහැදිලිව කියලා තියන දෙයක් තමයි. ඉතින් අපි ඒවා මතුකරලා තමයි මේ රටේ ජනතාව වෙත ගිහිල්ලා ජනතාවට කරුණු පහදලා දීලා මේ රට ගොඩ නගන්න පුළුවන් ශක්තිමත් නායකයෙන් ඕනෑ කියන කාරණය අපිත් දුන්නා. ජනතාවත් ඉල්ලුවා. ඒ අනුව අපට පේනවා ජනතාව නායකයෙක් පත් කර ගත්තත්, ඒ ජනතාවම තමයි අද අපිටත් චෝදනා මුඛයෙන් කතා කරලා ඔබවහන්සේලා කවුද මේ පත් කර ගත්ත නායකයා කියලා අපෙන් අහන්නේ. “
“මම හිතන්නේ ඒක මම විතරක් නෙමෙයි මේ රටේ සෑම දෙනෙක්ම අහන දෙයක්. ඒ නිසා අපට අවශ්‍යව තියනවා පක්ෂ පාට භේද පැත්තකින් තියලා, මම ඔබතුමාගෙනුත් බොහෝම කාරුණිකව ඉල්ලා හිටිනවා මේ වෙලාවේ හැටියට අපිට පක්ෂයට වඩා අපේ රට උතුම්, අපේ ජාතිය උතුම්. අපි අද දන්නවා පක්ෂ පාට වෙන් කරගෙන මේ රට ගැන කවුරුත් හිතන තත්ත්වයක නෑ. මම දන්නවා ඔබතුමාට රට ගැන හිතන්න පුළුවන්, ජනතාව ගැන හිතන්න පුළුවන් හොඳ මනසක් ඔබතුමා ලඟ තියනවා. අපි ඒක කවදාවත් නෑ කියන්නේ නෑ. “
“ඒ නිසා අද ඔබතුමා නැවත පාර්ලිමේන්තුවට පත් වෙලා තියනවා. ප්‍රාණ ඇපකරුවෙක් වගේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැතුව, දැන් කැබිනට් මණ්ඩලයක් තියනවා, අඩුපාඩු කොතෙකුත් තියනවා, අද මේ කැබිනට් මණ්ඩලයම ප්‍රාණ ඇපකාරයෝ වගේ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැතුව තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි කටයුතු කරන්නේ,” #lanakecast
http://buystromectolon.com/ – ivermectin 3mg price