counter hit xanga
October 22, 2021

රනිල් විපක්ෂයේ බලය අල්ලයි!

Last Updated on June 13, 2021 by Panduka Herath

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂනායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින කිහිපය තුල සුළු පක්ෂ සමග සිදුකල සාකච්ඡා සාර්ථක වු බවත් විශේෂයෙන්ම ද්‍රවිධ ජාතික සන්ධානය ඇතුලු සුළු පක්ෂ රනිල්ගේ විපක්ෂ නායකත්වය පිලිගනිමින් ඊට සහය දිමට එකඟතාව පලකර තිබේන බවයි වාර්තා වන්නේ.

මිට අමතරව ආණ්ඩුව තුළ සිටින කලකිරී ඇති මන්ත‍්‍රීවරු සහ විපක්ෂයේ භූමිකාව පිළිබඳව නොසෑහීමකට පත්ව ඇති සමඟි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු පිරිසක්ද රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර තිබේ.

එ අනුව දැනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කරන සජිත් පේ‍්‍රමදාස මහතා ඉන් ඉවත් කර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරිමට ඇති ඉඩකඩ ඉහල ගොස් ඇති අතර අගෝස්තු මාසය වනවිට එය තීරණාත්මක ලෙස සිදුවිය හැකි බවටද මත පලව තිබේ.