counter hit xanga
March 28, 2023

ජාත්‍යන්තරය හමුවේ අවලංගු කාසියක් වු රනිල්!

Last Updated on October 8, 2022 by Desman Chathuranga

ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙමින් ශ්‍රී ලංකාවට ණය දීමට අදාල සමුළුවේ සම සභාපති ධූරයේ කටයුතු කිරීමට එකඟ වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ජපානය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සමස්තය බොරුවෙන් පිරුණු ජනතාව මුලා කිරීමට ගත් උත්සහයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

එම ප්‍රකාශය කළ වාහාම ජපානය එවැනි එකඟතාවක් නොමැති යැයි නිවේදනය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා එකඟ වෙන්න යැයි ඉල්ලීමක් කළ බවට ප්‍රකාශය වෙනස් කර ඇති බව සදහන් කල ඔහු එම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පැහැදිළිවම ජපානය එකඟ වීම මහ ජයග්‍රහණයක් යැයි පැවසූ බව ද සඳහන් කළේය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර ජය ගැනීමට නොහැකි යැයි ජිනීවා සමුළුවේදී ලැබූ පරාජයෙන් වඩාත් පැහැදිළි වන බවත් ශ්‍රී ලංකාව ජිනිවාවලදී ඉතිහාසයේ ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 7 ක් පමණක් ලබා විරුද්ධව ඡන්ද 20 ක් ලැබූ බවත් පෙන්වා දුන්නා.

එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට සහයෝගය දීම සඳහා ලැබී ඇත්තේ ඡන්ද 07ක් පමණි. මෙයට පෙර මහින්ද රාජපක්ෂ යටතේ යුධ අපරාධ චෝදනා එල්ල වූ 2014දී ලංකාවට පක්ෂව ඡන්ද 12ක්ද ගෝටාබය රාජපක්ෂ යටතේ ලංකාවට පක්ෂව ඡන්ද 11ක්ද ලැබී තිබිණි.

නමුත් රනිල් වික්‍රමසිංහ ජූලි 20 වෙනි දින අටවන ජනාධිපති බවට පත් කර ගැනීමෙන් පසුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදවාගෙන සාමකාමී විරෝධතා මර්ධනය කිරීම සහ රැඳවුම් නියෝග මත පුරවැසියන් රඳවා තබා ගැනීම මෙන්ම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු මහජන සිවිල් කටයුතුවලට අදාල ආයතන 42ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබා ගැනීම මූලික කරගත් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා ඉදිරිපත් කර තිබිණි.

මෙම සියලු චෝදනා හමුවේ ලංකාව ලබා ගත් අවම ඡන්ද සංඛ්‍යාව දක්වා ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉතාමත් පහළ මට්ටමකට ඇද දැමීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කර ඇත. එහෙත් ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදය අනුගමණය කරන බවට ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු කර තිබේ.