Last Updated on January 27, 2023 by Desman Chathuranga
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධා කිරිමකින් තොරව ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තීරණයක් ගැනිම වෙනුවට නැවතත් දමිළ ජනතාවට කොකා පෙන්විම ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් වටයකින් කරලියට පැමිණ තිබෙන්නේ රටේ ඇතිවි තිබේන දේශපාලන අස්ථාවරභාවය යම් තරමකට යාමනය කර ගැනිම සදහා බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජනතාව ප්‍රතිකේෂ්ප කල පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් පත්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද (26) පස්වරුවේ පැවැත්වුනා.පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර තිබුනද අනවශ්‍ය සාකච්ඡා සහ ජනතා බලයක් නොමැති ජනපතිවරයෙකු සමග සාකච්ඡා කිරිම අනවශ්‍ය වැඩක් හේතුවෙන් ජාතික ජනබලවේගය,සමගි ජන බලවේගය,ප්ලොට් සහ ටෙලෝ සංවිධාන සහභාගි නොවු අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සඳහා සහභාගී නොවන බවද සදහන් කලද කිහිපදෙනකුම සහභාගි වි සිටියා.
සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට කටයුතු කලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට එමට හැකියාවක් ලැබි නැති අතර තවදුරටත් එම සමුළුව හරහා දමිළ ජනයා අතර වෛරය පතුරුවා හැර තිබේ.අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියේ යලිත් උතුරේ ජනතාව අතර නොසනුසුන්තාවක් ඇති කිරිම මෙම සර්වපාක්ෂික හමුවේ එකම අරමුණ වි තිබේන බවයි.
රාජපක්ෂ ජාතිවාදී කල්ලිය නියෝජනය කරන සරත් වීරසේකර ඇතුළු රජයේ පාර්ශවයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම පැවසුවේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සම්බන්ධ පළාත් සභා ක‍්‍රමය වහාම අහෝසි කළ යුතු බවත් ඒ හරහා රට බෙදීමකට ලක්වන බවයි .
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරිම සදහා යනුවෙන් පවසමින් එම සර්වපාක්ෂික සමුළුවට කැදවුවද එයට එක්වන රාජපක්ෂලාගේ දුෂිත මෙන්ම ජාතිවාදී මන්ත්‍රීවරුන් සමුළුවේදි මෙන්ම මාධ්‍යයට සිදුකරන ප්‍රකාශයන් හරහා රටතුල ජාතිවාදී ප්‍රශ්ණයන් නිර්මාණය කිරිම හරහා දේශපාලන වාසී ලබා ගැනිම අරමුණ වි තිබේ.
13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වුවද එහි කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්දිරන් සදහන් කළේ.සමුළුව අවසානයේ මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරයා කියා සිටියේ වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිදහස් දිනට පෙර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන ලෙසට තමන් ඉල්ලා සිටි බවද සදහන් කළා.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?