counter hit xanga
March 28, 2023

“රටේ දෙකෝටියක් ජනතාවගේ ජිවිත අනතුරට දැමු රනිල්ගේ නාඩගම”

Last Updated on November 16, 2022 by Lankae Cast

රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) විරෝධතාවයක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි, නිරාශාන් විතානගේ ඇතුළු පිරිසක් කටයුතු කර තිබිණ.

මෙකී කුඩා විරෝධතාව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයේ වාර්තා කිරීම හරහා චීනය දැනුවත් ව ඇති අතර, මේ පිළිබඳව චීනයේ දැඩි අවධානය යොමුව් ඇති බව වාර්තා වේ.

චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි කෝපයට පත්ව ඇති තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි පුළුල් ආර්ථික ක්‍රියාවලියකට බලපෑම් කිරීම සඳහා මෙවන් ලද බොළඳ කුඩා පරිමාණයේ විරෝධතා සංවිධානය කිරීමෙන් රනිල් ප්‍රමුඛ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න චීනයේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ගොස් තිබෙන අවස්ථාවක ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් යොදාගෙන සිදු කරන මෙවැනි අවර ගණයේ විරෝධතා චීනයේ දැඩි උදහසට හේතු වී ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කොට විසඳාගත යුතු දෙයක් බව චීනයේ අදහස වී තිබේ.

චීනයේ දැඩි උදහස හමුවේ බියට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර පසුගියදා ප්‍රකාශ කළේ කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙ‍නවිය සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි කියාය. ශෂී හෙට්ටිආරච්චි විරෝධතාවයට සහභාග වීම ගැන එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස තමාගෙන් හෝ පක්ෂයෙන් කිසිදු විමසීමක් කළේ ද නැතැයි ද රංගෙ බණ්ඩාර මහතා කියයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති කාරණයක් නොවේ යැයිද එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කරනු ලබන කටයුත්තක් වන අතර මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වී කරන කටයුත්තකට පක්ෂයක් ලෙස එජාපය සම්බන්ධ වන්නේ නැතැයි එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

රංගේ බණ්ඩාරගේ මේ ප්‍රකාශයන් හුදු චීනයේ උදහසට බියෙන් චීනය සැනසීම උදෙසා සිදු කරන ලද ප්‍රකාශයන් බව පැහැදිලි වන්නේ පක්ෂයේ ඉහළම බලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම විරෝධය කුළු ගැන්වීමය. එය අමෙරිකාවේ අනුදැනුම අනුව සිදු කළ දෙයක් ද යන්න පිළිබඳව සැක මතු වී තිබේ. එනයින්ම මෙය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ අනාගතය සම්බන්ධ දැඩි ව්‍යාකූල තත්ත්වයක් ඇති විය හැකි සිදුවීමක් වන්නේ චීනය වැනි ලෝක දැවැන්තයෙක් මෙන්ම ශ්‍රී ලංකාවට ණය ලබාදෙන ප්‍රධානතම රටක් සම්බන්ධයෙන් මෙවැනි ව්‍යාජ, ප්‍රාථමික විරෝධතාවයන්ගේ බලපෑම ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ඉහළින් කතා කරන රනිල් වික්‍රමසිංහගේ අනුග්‍රහය යටතේ සිදුවීමය.

ඒ කෙසේද යත්, චීන තානාපති කාර්‍යාලය මේ පිළිබඳ සියලු තොරතුරු චරපුරුෂයින් හරහා අනාවරණය කරගෙන තිබේ. තානාපති කාර්‍යාලය නොමග යැවීම සඳහා විරෝධතාවයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් විසින් දුරකතන ඇමතුමක් ද ලබා දී ඇති අතර, එමගින් මීට එජාපයේ සම්බන්ධයක් නැති බවත්, වෙනත් දේශපාලන සංවිධානයක් විසින් මෙය සංවිධානය කර ඇති බවත් ප්‍රකාශ කර ඇති අතර, සත්‍යය හෙළිදරව් වීමෙන් පසුව අදාළ එජාප ප්‍රබලයා සම්බන්ධයෙන් ද චීනයේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.

අප වෙත ලද විශ්වාසදායී ආරංචි මාර්ග අනුව අදාළ සිදුවීම රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ඔහුගේ සමීපතම ඥාතියා ද වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද්දක් බව පැවසේ. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ ශෂී හෙට්ටිආරච්චි යනු කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහගේ මෙන්ම රුවන් විජේවර්ධනගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරන මන්ත්‍රීවරියකි. මෙහි නම සඳහන් අනෙක් පුද්ගලයා වන නිරාශාන් විතානගේ ද, ශෂී හෙට්ටිආරච්චි හා සමකාලීනව එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ පුද්ගලයෙකු වන අතර, කලක් රනිල් වික්‍රමසිංහගෙන් ඈත් වූ බවට පෙන්වමින් සිටි නැවතත් දැන් රනිල් වික්‍රමසිංහට සමීප වී සිටින පුද්ගලයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන්ගේ මෙහෙයවීමට ලක්ව ඔවුන්ගේ සුවච කීකරු ගෝලයන්ව සිටින පුද්ගලයන් ඔවුනගේ අනුදැනුමක් නොමැතිව මෙවැනි දෑට සම්බන්ධ වී ඇතැයි පැවසීම එජාපය ජනතාව ගැන සිතාගෙන සිටින ආකාරය සම්බන්ධයෙන් හොඳින් කියාපායි.

මේ ආකාරයෙන් පුද්ගලයන් කීපදෙනෙකුගේ අවශ්‍යතාවය හේතුවෙන් දැන් චීනය වැනි රටක් ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික විරසකයකට යාමට සූදානම් වුවහොත්, එය රටේ සියළු ජනතාවට බලපාන අයුරු අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

-සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය කවය