Last Updated on June 16, 2021 by Desman Chathuranga
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බවට මැතිවරණ කොමිසමට අද (16) දැනුම් දුන් බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික තීරණය වූයේ UNP නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන නියෝජනය කළ යුතු බවත් ඒ අනුව ලබන පාර්ලිමේන්තු සතියේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇති බවද ඔහු අවධාරණය කළා.
ලබන අඟහරුවාදා( 22 )පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර 23 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිය යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කොට ඇතැයිද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි