Last Updated on May 14, 2021 by Desman Chathuranga
රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කරනවා.කොවිඩ් -19 රෝග ව්‍යාප්තිය ගැන ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජීවිතයට වන හානිය හදා ගැනිමට නොහැකි බවයි.
” COVID වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා තවත් දීලිර රෝගයක් පැතිරිලා යනවා. අපි මේ හැම රෝගයකින්ම රටේ ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, අපේ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් සමග ඉකුත් දිනක කළ සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කලා. ඒ නිවේදනය අනුව ඊළග සති කිහිපය තුළදි කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ඔවුන් පුරෝකතනය කර තිබෙනවා.”
“අපි තව කරුණක් මතක තබාගත යුතුයි. එනම් අපේ රටේ එන්නත් හිගයක් තියෙනවා. ජනතාවගෙන් හැම කෙනෙකුටම එන්නත ලබාදෙන්න ලබන වසර හෝ මේ වසරේ අග අතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වෙනතුරු රටේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමයි. වෛද්‍යවරු රට වහන්න කියනවා නම් එයත් අපි ඉටු කළ යුතු වෙනවා.ඉන් පසුව කොවිඩ් වසංගතය පාලනය වී තිබේදැයි අපට සතියෙන් සතිය වාර්තා ගෙන ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්.”
“ඊට අමතර වෙන විකල්ප තිබෙනවාදැයි කියන්න මම දන්නේ නැහැ. කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම පවතින දුර්වල ආර්ථිකයට මරු පහරක්. එම නිසා පවතින රෝග ව්‍යාප්තිය නතර කර ගන්න අවශ්‍යයි. එසේ කළොත් අපට ආර්ථික හානිය අවම කරන්න පුළුවන්.
මම මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ජිවිත බේරාගන්න කියලායි. ආර්ථිකයට වන හානිය අපට හදා ගන්න පුළුවන්. නමුත් ජීවිතයට වන හානිය අපට හදා ගන්න බෑ. රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් ජිවිත ආරක්ෂා කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.”
[url=http://cheapdrugs.store/#]psychological ed treatment[/url]
clomid for sale canada clomid tablets for sale buy clomid
price for viagra viagra where to buy sildenafil 100 mg