Last Updated on May 31, 2021 by Panduka Herath
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අද සවස රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පිරිසක් තීරණය කර තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දයා පැල්පොල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ මතය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගොස් විපක්ෂයේ ශක්තිමත් බලවේගයක් ගොඩ නැගීම සඳහා ගොඩනැගීම සඳහා දායක විය යුතු බවයි .
ඒ අනුව සවස 4ට ආරම්භ වූ රැස්වීමේදී වජිර අබේවර්ධන විසින් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කර ඇති අතර ආනන්ද කුලරත්න විසින් එය ස්ථිර කොට ඇති බව වාර්තා වේ.
රැස්වීම මුලින් පස්වරු 1ට සිරිකොත මූලස්ථානයට කැදවා තිබුණද පසුව එය පස්වරු 4 දක්වා කැල්තැබීමට පියවර ගෙන තිබු අතර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට බස්නාහිර පළාතේ සාමාජිකයන්ට පමණක් ආරාධනා කර තිබීම විශේෂ සිදුවීමකි.
බස්නාහිර පළාතෙන් පිට කිහිප දෙනකුට පමණක් ආරාධනා කර තිබූ බවක්ද දැකගත හැකි වු බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ මේ සියලු දෙනාටම පක්ෂය මගින් විශේෂ අවසර පත්‍රයක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති අතර බොහෝවිට ලබන සතී දෙක තුලදි එම දිවුරුම් දිම සිදුවිය හැකි බවද වාර්තා වේ.
More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!