counter hit xanga

රනිල්ගේ දිවුරුම 22 වැනිදා!

Last Updated on June 11, 2021 by Desman Chathuranga

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.මේ මස 08 වැනි දින කල් තැබූ පර්ලිමේන්තුව යළි පළමුවරට රැස්වන්නේ ජුනි මස 22 වැනිදාය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සියලු පාක්ෂිකයන් එම තීරණයට ඒකමතික ගත් අනුමැතියට අනුව ඔහු දිවුරුම් දෙන බවයි එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ පරිණත දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කී එජාප සභාපතිවරයා රට මුහුණ දී සිටින වත්මන් ප්‍රශ්න සඳහා පිළිතුරු තිබෙන එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ බව සඳහන් කරයි