counter hit xanga
October 18, 2021

ක්‍රීඩා ශාලා හා කායවර්ධන මධ්‍යස්ථාන නියාමනයට

fitness centers lankaecast

Last Updated on April 21, 2021 by Panduka Herath

ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන ඇති කිරීමේ දී ඒවා ලියාපදිංචි කිරීම හා ක්‍රියාත්මක කිරීමට බලපත්‍ර නිකුත් කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල විවිධ ක්‍රීඩා සාමාජ, හෝටල්, පාසල් හා ක්‍රීඩාව හා සම්බන්ධ වෙනත් ආයතනවල ක්‍රීඩා ශාලා, කාය වර්ධන ශාලා ක්‍රියාත්මක කරගෙන යන නමුත් එවැනි කායවර්ධන මධ්‍යස්ථාන හා ක්‍රීඩා ශාලා ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මගින් කිසිඳු ප්‍රමිතියක් හෝ මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත් කර නොමැත.

නමුත් නාගරික ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් හා ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල පිරිස් දෛනික පදනම මත මෙම ආයතනවල සේවය ලබාගන්නා නමුත් 2019 මාර්තු මස සිට ඇති වූ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් අද වන විට මෙම ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන ක්‍රියාකාරි තත්ත්වයේ නොපවතී.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ නිරෝගිමත් තරුණ පරපුරක් බිහි කිරීම මූලික අරමුණක් වන හෙයින් මෙය නව කර්මාන්තයක් ලෙසින් හඳුනාගත හැකි වන අතර තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා සැලසීමට ද මෙමඟින් අවස්ථාව උදා කරගත හැකය.

ඒ අනුව ක්‍රීඩා පනත හා ඊට අදාළ රෙගුලාසි පිළිබඳව ද සලකා බලා ක්‍රීඩා ශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන සම්බන්ධව ඊට ගැළපෙන අන්දමේ රෙගුලාසි හා ඉහත අවශ්‍යතා සැපිරෙන පරිද්දෙන් සංකල්ප, පත්‍රිකා, කෙටුම්පතක් හා යෝග්‍ය උපදෙස් මාලාවක් කඩිනමින් සකස් කළ යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කලින් කලට එවන් ආයතනයන් හි බලපත්‍ර අලුත් කිරීමට පෙරාතුව (වසරකට වරක්) ඔවුන්ගේ කාර්යය සාධනය අධීක්ෂණය කිරීමට හැකි අන්දමේ යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.