counter hit xanga
March 26, 2023

මර්දනය නවතනු! දමිතා ඇතුළු විරෝධතාකරුවන් වහා නිදහස් කරනු!

Last Updated on September 8, 2022 by Desman Chathuranga

රනිල් වික්‍රමසිංහ තවත් බොහෝ ජීවිත බිල්ලට ගන්නයි හදන්නේ. කලාකරුවකු හෝ කලාකාරිණියක අත්අඩංගුවට ගැනීමට කලින් ශිෂ්ඨ ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් දෙවරක් සිතනවා. නමුත් ලංකාව කියන්නෙ ශිෂ්ඨ සම්පන්න ආණ්ඩු නැති, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හැම ආණ්ඩුවකම ජාතික ප්‍රතිපත්තියක් වුණ රටක්.

දමිතා අබේරත්නට තියෙන චෝදනාව ජනාධිපති ලේකම් කාර්යාලයට ‘බලෙන් ඇතූල්වීම’ලු.

ජූලි 9 වැනිදා ඒ සිදුවීම ඇසින් දුටූ හෝ වීඩියෝ දසුනකින් දැකපු, ගුටිකකා පාරවල්වල විරෝධතා දක්වපු කිසිම කෙනකුට ඒක අපරාධයක් කියලා හිතෙන්නේ නැහැ. දමිතා ඒ සෙනග අතර හිටියා නම් ඒ දස දහස් සංඛ්‍යාත ජන ගංගාවක එකම එක වතුර බින්දුවක් විදියටයි. ඒක දකුණු ලංකාවෙ මෑත ඉතිහාසේ වැදගත්ම දේශපාලන මොහොතක් මිස සාපරාධයක් නෙවෙයි.

දමිතා ඇතුළු හැම තරුණ – තරුණියක්ම නිදහස් කරනු කියලා කිව යුත්තේ අපරාධකරුවන් රැළකින් ලංකාව මුදාගන්න ඒ හැම කෙනෙක්ම කැපවුණ නිසායි.

ඒ අය නොහිටියා නම් රනිල් වික්‍රමසිංහ මියයන්න නියමිතව හිටියේ, ඡන්ද නැතුව පාර්ලිමේන්තු ගිය, තනි පුද්ගල පක්ෂෙක එකම සාමාජිකයා විදියටයි.

රුවන්දි සිල්වා, බර්ලින්