Last Updated on May 25, 2021 by Desman Chathuranga
කොරෝනා වෛරසය ආසාදනය වන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් සඳහා එම වෙළඳ කලාප තුළ ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය තීරණය කර තිබේ.
වෛරස ව්‍යාප්තිය හා අවශ්‍යතාවය අනුව පෞද්ගලික අංශයේ ද සහය ඇතිව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කෙරෙන අතර එම වැඩපිළිවෙලෙහි පළමු ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ගොඩනංවා තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහය ඇතිව එම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා ඇදන් 300ක් භාරදීම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආදායම් අහිමි වන ජනතාවට එළැඹෙන 31වැනිදාට පෙර සහන සැලසීමේ ක්‍රමවේදය සකස් කෙරෙන බවයි.
“රට වසා දාන එක එකවරම කරන්න බැහැ. විසිතුරු මත්ස්‍ය අපනයනය යෙදෙන ව්‍යාපාරිකයින් සිටිනවා. ඔවුන්ගේ ඇනවුම් ප්‍රමාද වුණොත් කෝටා එක නැතිවෙනවා. විශාල ණය ලබා ගනිමින් කර්මාන්තශාලා ආරම්භ කර තිබෙනවා. මේ කර්මාන්ත කර්මාන්ත ශාලා වලට ඇණවුම් නිසි පරිදි භාර දීමට නොහැකි වුනොත් ඔවුන්ගේ කොට අහිමි වෙනවා. ඒ වගේම එදිනෙදා ආදායම් ලබන අයට ඔවුන්ගේ ආදායම් අහිමි වෙනවා. කඩයක් දාගෙන ජීවත්වෙන මිනිහට ආදායම නැති වෙනවා. දෙයක් කරනකොට අනිත් පැත්තෙන් වෙන බලපෑම දෙස බලමින් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් හදන්න ඕනේ. සෞඛ්‍ය අංශ රට වහන්න ලෙස උපදෙස් දෙනකොට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සෑම අංශයකම ජනතාවට සාධාරණ වන ලෙස තීරණ ගන්න සිද්ධ වෙනවා. “


[url=http://cheapdrugs.store/#]cheap erectile dysfunction pill[/url]
ivermectin fleas ivermectin lung cancer where can i buy oral ivermectin
clomid for sale clomid tablets buy clomid 50mg online