counter hit xanga
March 26, 2023

වෛරසය පාලනයට විදේශ සංචරණ සීමා!

Last Updated on April 18, 2021 by Desman Chathuranga

කොරෝනා වෛරසය 96,000 කට අධික පිරිසකට ආසාදනය වී 600 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අවස්ථාවක වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා විදේශ සංචාර සඳහා සීමා පැනවිය හැකි බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥය සුදත් සමරවීර මහතා පවසයි. අප්‍රියෙල් මාසයේ වාර්තා වූ කොරෝනා ධනාත්මක සිද්ධීන්ගෙන් 15% ක් පමණ විදේශගත වූවන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට මෙන්ම දේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි බවයි සුදත් සමරවීර මහතා පෙන්වා දුන්නේ. ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි පරිස්සම් විය යුතු යැයිද ඔහු සදහන් කළා.

මේ අතර ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ oxford AstraZeneca vaccine එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙනුයේ පළමු මාත්‍රාව දී සති දහයකින්ද සති දොළහකින්ද යන්න තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ලබන 23 වැනිදා සිකුරාදා ආරභවීමට නියමිත අතර එන්නත්කරණය පිළිබඳ කමිටුව වසංගත රෝග විද්‍යා අංශයේදී රැස්වී මෙම තීරණය ගැනිමට නියමිතයි.

‘කොවිෂීල්ඩ්’ එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇති සංඛ්‍යාව නව ලක්‍ෂ විසිපන්දහස් දෙසීය හතළිස් දෙකක්.