Last Updated on June 10, 2021 by Panduka Herath
විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදි තිබේ.අද (09) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදි තිබේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දිවයින පුරා හෙද හෙදියන් 34000ක් පමණ මේ වනවිට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබිණි.
මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අදහස් පලකරමින් කියා සිටියේ.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයට නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ.සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව පෙන්වා දුන්නාය.
අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ලෙස සිටි සමයේ දී හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමූ පසු මේ දක්වා එම දීමනාව වැඩිකර නැතැයි කී මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ, එම දීමනාව වැඩි කර දෙන්නැයි ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගෙන ඉදිරි අය-වැය තුළින් එය ඉටු කර දිය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදි සදහන් කර සිටියා.
දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන්ව අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.
ඊට අමතරව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන්නැයි ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා, දැනටමත් හෙද හෙදියන් 840 දෙනෙකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේය.
විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරියට මෙහිදී දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා, හෙද හෙදියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කාර්යයේ වත්මන් තත්ත්වය විමසා සිටියේය.
හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා මෙහි දී අනාවරණය කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවයේ නිරත සියලුම කාර්යය මණ්ඩල මේ වනවිට විශිෂ්ට සේවයක් ඉටුකරමින් සිටින බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, ඔවුන්ව එන්නත්කිරීමේ කටයුතු ගැන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමාගෙන් විමසුවේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලුම දෙනාට පාහේ මේ වනවිට කොවිඩ් එන්නත් ලබා දී ඇති අතර ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම මේ වනවිට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතා ඊට පිළිතුරු දුන්නේය.
සංචරණ කාල සීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
හෙද උපාධිය ලබා දීමේ කාර්යය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දි තිබේ.
මේ වනවිට හෙද උපාධිය ලබා දීමේ කාර්යය නීති කෙටුම්පත් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව මෙම හමුවේ දී හෙළි වූ අතර අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙහි දී තීරණය විය.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.ඩී කල්‍යාණි, උප සභාපති ආර්.කේ බටුවිට, උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා, කඳාන හෙද විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ කීර්ති මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
After looking over this article I feel as if
you are my favourite writer now. The post is a greatly structured and well-thought one.
It reminded me about https://www.freeessays.education/essay-examples/juvenile-court/. Looks like the author understand the
case in point. This piece is indeed a good read.
Therefore many interesting facts I did not understand before.
Thankyou for a good work. Maintain it up from the
long run!
ivermectin 1 cream generic stromectol otc