Last Updated on April 3, 2021 by virajariyawansha
පරීක්‍ෂණයෙන් තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… ගෙන්වූ සමාගම් 04 මෙන්න..
මෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි. ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි. එ් අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් 04 ම පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන ඇත. මේ වන විට අදාළ සියලුම තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇත. තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.
අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
පරික්ෂාවට ලක් කළ ආනයනික පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කළ බව පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා. මීට පෙරද කරන ලද පරීක්ෂණයකදී එහි නියමිත ප්‍රමාණයට වඩා ප්‍රබල පිළිකාකාරකයක් වන aflatoxin රසායනිකය අඩංගු බව තහවුරු වී තිබුන අතර එම පොල් තෙල් ආනයන කරන ලද සමාගම් කරන ලද ඉල්ලීමකට අනුව නැවත වතාවක් මෙම පරීක්ෂණය සිදු කරනු ලැබුවා මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරික්ෂණ අවසන් වන තෙක් පාරිභෝහික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාල තෙල් තොග ඇතුලත් කන්ටේනර් නැවත හරවා යවනු ඇති.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?