Last Updated on May 5, 2021 by Desman Chathuranga
දින 90කඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළකින ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (04) අදාළ බලධාරීන්ට නියෝග කර තිබේ.
බදුර්දීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරවලට ගෙන ඒම ජාතික ආරක්ෂාවට මෙන්ම විමර්ශන වලටද තර්ජනයක් විය හැකි බැවින් තමන් එම නියෝගය නිකුත් කල බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
මේ අතර රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නොහැකිවී ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල අත්සන සහිතව අවසරය මෙතෙක් නොලැබීම නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?